Wednesday, December 22, 2010

සිතුල්පව්ව(චිත්තල පබ්බත)


           මම කැමතිම සුන්දරම හා රමණීය සිත නිවන නිදහස ඇති පින් බිම තමයි යාල වනය මැද පිහිටලා තියන සිතුල්පව්ව රජමහා විහාරය....... එහේ ගිය වෙලාවක ගත්ත පින්තූර ටිකක් මම එක් කලා  ලස්සන ද බලන්න......
අපේ නායක හාමුදුරුවෝ වැඩ ඉන්නෙ එහේ.... ගැමුණු කියන ඇතා බොහෝ දවස්වල මහ කැලේ ඉදලා බඩගිනි වෙලා පන්සලට ආවහම නතර වෙන්නෙ මෙතන. ඇයි ද දන්නවද?....... අපේ නායක හාමුදුරුවෝ ඉන්න කාමරය තියෙන්නෙ මෙතන නිසා.... ඌට හොදට කන්න ලැබෙන්නේ මෙතනින්......
අපිත් ගියපු වෙලාවේ අපි ආ බව දැනගන ද කොහේද ගැමුණු ආවා. පොඩි සංග්‍රහයක් අපිත් කලා........
මමත් එක්ක නිශාන් මහත්මායි කසුන් මහත්මායි සුමිත් අයියයි සිතුල්පව් ගියා. අපි කුඩා සිතුල්පව්වට යද්දි අපේ උදව්වට තව කීපදෙනෙකුත් ආවා........
දෙලොස් දහසක් මහ රහතන් වහන්සේ වැඩසිටි ස්ථානයේ ඉතා හොද ගල් කුටි හරියට තියනවා... මේ මම ඉන්නේ ඒදඩු කුටිය ලග. දැනුත් භාවනා කරන යෝගාවචරයන් වහන්සේ කෙනෙක් මෙහි වැඩ ඉන්නවා.... ඒ නිසා අපි කතාබහ නවත්තමු නේද.........
 මේ වගේ අමාරු තැන්වලිනුත් අපි එල්ලි එල්ලි ගොඩවුනා.... පොඩ්ඩක් විතර බයත් හිතුනා.
හැන්දෑවට සත්තු වැව ලගට ආවම බලන්න හදපු අට්ටාලය උඩටත් කොහෝම හරි නැගගත්තා..... එහෙම තැනකට ගිය පලවෙනි දවස ... අපිත් එක්ක ගිය අයගෙන් එතෙන්ට නැග්ගෙ නැත්තේ එක්කෙනයි.. ඒ සුමිත් අයියා විතරයි.
අපි අලිත් දැක්කා හැබැයි බයේ දුර ඉදන් තමයි බැලුවේ........
අපි මංජු අයියගේ හේනටත් ගියා .. අපි කොමඩු ගෙඩි හුගාක් කඩා ගත්තා ඒ විතරක් නෙවෙයි එතනදිම පිපාසය යන්නත් එක්ක කොමඩු කෑවා....


මෙච්චර සමනලයෝ දැකලා තියනවද එකම තැනකදි යාල යන්න ඕන එවා දැකගන්න.....

සමහර වයසට ගිය දිරපු මිනිස්සු තුල අමුතු ලස්සනක් තියවා වගේ මේ ගහත් මටනම් දිරුවත්  ලස්සනයි........
මටත් මේ වගේ ගහකට නම් නගින්න පුලුවන්..................................$
සිතුල්පව්ව පන්සලට ඉන්න කරදර කාරීම පිරිස මේ කට්ටිය තමයි..... මොනම දෙයක්වත් තියාගන්න දෙන්නැහැ......
අපි ගාලු එන අතරේ වැදගත්ම කෙනෙක් හමුවෙන්න ගියා .... එයා හරිම කාර්ය බහුලයි... මොකද අද කාලේ හුගදෙනෙක් යන්නේ එයා ගාවට නිසා . කවුද දන්නවද එයා ?... යම රජ්ජුරුවෝ.... ඉන්නෙනම් ..... දික්වැල්ලේ වැව්රැකන්නල පන්සලේ දකින්න කැමති අය යන්න. හැබැයි ඇත්තටම නම් අපායේ යන්න හිතන්නවත් එපා හොදෙයි.



Wednesday, October 13, 2010

ලෝක ආහාර දිනය - ඔක්තෝම්බර් 16

        මේ මාසේ අපිට වැදගත්කම් ගොඩක් තියන වටිනම මාසයක්  ලෝක ළමා දිනේට දහම් පාසලේ පුංචි එවුන් හැමෝටම පුංචි චොකලට් එකක් දෙන්න අපිට පුලුවන් උනා' එයාලත් ගුරු දිනේ දවසේ අපිට බුලත් හුරුලු දීලා තෑගිත් දුන්නා ඒ නිසා දෙගොල්ලන්ටම සතුටුයි'

       ඒත් අනේ හරියට බුද්ධිය නොමේරූ අතපය හරියට නැති අපි වගේම මනුස්ස ලෝකෙ ඉපදිච්ච පිරිසක් පෙර පින් මදි හින්දද කොහේද " සම්බෝධිය කියන ආයතනයේ අසරණව ඉන්නවා'
      අපි දහම් පාසලේ දරුවන් එක්ක ඔවුන් බලන්න ගියා' ළමයින්ට තේරුණා තමන් කොච්චර වාසනාවන්ත ද කියලා ඒවගේම ඒ අසරණ පිරිස ගැන හදවතින්ම දුක් උනා' මකුලු දැල්" කුණු රොඩු" තණ කොළ" තුටු සිතින් අයින් කරලා ඒ ගොල්ලො ඉන්න තැන් පිරිසිදු කරන්න අපේ දරුවො මහන්සි ගත්තා'
 මේ සංසාරයේ හැටි ඔහොම තමයි' ඒනිසා පිං කරන එක තමයි හොදම නුවණක්කාරකම කියලා අපි එදාම මේ අයට දානයක් දෙන්න දිනයක් ඉල්ලුවා'  අපිට දිනයක් ලැබුනා  " ඒ කියන්නේ අපිට පින් කරන්න ලැබිච්ච වටිනාම දිනයක්

 මේ 2009 දානය දුන්න වෙලාවෙ ගත්තු ඡායා රූප ටිකක්' ලබන 26 වැනි දා  දවසෙ අපි කට්ටියම නැවත සසර දනව්වේ සැප හා සතුට ලබා දෙන පිංකමක් කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නෙ' ඔය ගොල්ලොත් අපි කරන පින් අනුමෝදන් වෙන්න''''''''''''
මගේ අකුරු ලස්සන ද සාදු

හැබැයි  පොඩි දෙයක් කියන්න ඕන"  ඒ තමයි අපිට ළමා දින"  ගුරු දින"  පිය දින" මව් දින"  ආහාර දින ඕන නැහැ හොද වැඩ කරන්න' ඒක මේ කවදාවත් සිරිත් විරිත් නොතකන සුද්දන්ගෙ තමන්ම රවටාගැනීමේ උපක්‍රමයක් විතරයි තේරුණයි' 

Tuesday, October 5, 2010

ගුරු දිනය


සිප් කිරි පෙවූ ඇදුරන් පුදන වසරකට වරක් උදාවන තවත් එක් ඔක්තෝම්බර් 06 වැනිදාවක් හෙට හිරු නැගෙත්ම උදාවන බවක් යාන්තමට පේනවා'  එතකොටම මට මතක් වෙන්නේ ගිය අවුරුද්දේ අපේ ගෝලයෝ ගුරුවරැ පුදන්න කරපු කියපු දේවල්



2009 මේ විදියට දහම් පාසලේ ‍ශිෂ්‍ය පිරිස ගුරු උපහාර පවත්වද්දි පිරිවෙනේ ශිෂ්‍ය හාමුදුරුවරුත් චාම් සම්භාවනීය පොඩි උත්සවයක් පැවැත් වූවා











2010 ගුරු දිනය අද අපේ ශීෂ්‍ය හාමුදුරුවරු ඉතා ඉහලින්ම සැමරුවා කියලයි මට හිතෙන්නේ අපේ ගුරුවරු ඔක්කෝටම වෙන වෙනම කවි හදලා හරිම ලස්සනයි

Saturday, October 2, 2010

අපේ පන්සලේ පොඩි උන්


වෙලාවකට මේ අය හරිම කරදර කාරයෝ. ඒත් මෙයාලා ගමේ හරි තමතමන්ගේ පන්සල්වලට හරි ගියපු දවසට දැනෙන්නේ උහුලන්න බැරි පාලුවක්....... වෙලාවකට හිතෙනවා මේ අය තමයි පන්සලේ ජීවය කියලා මොකද මේ කට්ටිය නැති දවසට පන්සලේ කිසිම හාවක් හූවක් නැහැනේ.


මෙතන ඉන්නේ පස්දෙනා උනාට තව මේ වයසේම දහයක් විතර ඉන්නවා.  ඒ ඔක්කොගේම වැඩ මේ වගේ තමා..... අපි මේ වගේ වැඩට බය උනාට එයාලා බය නැහැ .........................

Friday, October 1, 2010

ඉපැරණි බෝධිරාජයාණන් වහන්සේ

              අනුරාධපුර යුගයේදී දෙවනපෑතිස් රජ දවස සමසතළිස් ඵලරැහ ජය සිරි මහා බෝධි ශාඛාවක් අප විහාර භූමියේ රෝපණය කරන ලද බව ජනවහරේ ස‍‍‍දහන් වෙනවා'''''''''''''''''''''

              සම්‍යග් දෘෂ්ටික දෙවිදේවතාවන් වැඩසිටින අසිරිමත් ඇසතු වෘක්ෂයක් ලෙස එය පළාතේ හැමගේ ‍වන්දනයට හා පූජාවනට නිතැතින් ලක් වේ'

              1998 වර්ෂයේ දී දායක පිරිස හා හැමදෙනා එකමුතුව බෝධීන් වහන්සේට රන්වැටින් පූජා පැවැත්වූහ'

              එවකට ජනපතිනිය වූ බණ්ඩාරනායක මැතිණිය විසින් එම රන්වැට විවෘත කරන ලදි'

Thursday, September 30, 2010

අපේ පන්සල

දකුණු පලා​තේ ගාලු දිසාවේ යටගල ගමේ පිහිටි අපේ පන්සල අනුරාධපුර යුගයේ ඇරඹි ඉපැරණි විහාරස්ථානයකි. දඹදෙණි යුගයේ දෙවන පැරකුම්බා රජු විසින් පැරණි ගල් ලෙන තුල සැතපෙන බුද්ධ ප්‍රතිමාවක් ද නිමවා ඈත.