Wednesday, October 13, 2010

ලෝක ආහාර දිනය - ඔක්තෝම්බර් 16

        මේ මාසේ අපිට වැදගත්කම් ගොඩක් තියන වටිනම මාසයක්  ලෝක ළමා දිනේට දහම් පාසලේ පුංචි එවුන් හැමෝටම පුංචි චොකලට් එකක් දෙන්න අපිට පුලුවන් උනා' එයාලත් ගුරු දිනේ දවසේ අපිට බුලත් හුරුලු දීලා තෑගිත් දුන්නා ඒ නිසා දෙගොල්ලන්ටම සතුටුයි'

       ඒත් අනේ හරියට බුද්ධිය නොමේරූ අතපය හරියට නැති අපි වගේම මනුස්ස ලෝකෙ ඉපදිච්ච පිරිසක් පෙර පින් මදි හින්දද කොහේද " සම්බෝධිය කියන ආයතනයේ අසරණව ඉන්නවා'
      අපි දහම් පාසලේ දරුවන් එක්ක ඔවුන් බලන්න ගියා' ළමයින්ට තේරුණා තමන් කොච්චර වාසනාවන්ත ද කියලා ඒවගේම ඒ අසරණ පිරිස ගැන හදවතින්ම දුක් උනා' මකුලු දැල්" කුණු රොඩු" තණ කොළ" තුටු සිතින් අයින් කරලා ඒ ගොල්ලො ඉන්න තැන් පිරිසිදු කරන්න අපේ දරුවො මහන්සි ගත්තා'
 මේ සංසාරයේ හැටි ඔහොම තමයි' ඒනිසා පිං කරන එක තමයි හොදම නුවණක්කාරකම කියලා අපි එදාම මේ අයට දානයක් දෙන්න දිනයක් ඉල්ලුවා'  අපිට දිනයක් ලැබුනා  " ඒ කියන්නේ අපිට පින් කරන්න ලැබිච්ච වටිනාම දිනයක්

 මේ 2009 දානය දුන්න වෙලාවෙ ගත්තු ඡායා රූප ටිකක්' ලබන 26 වැනි දා  දවසෙ අපි කට්ටියම නැවත සසර දනව්වේ සැප හා සතුට ලබා දෙන පිංකමක් කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නෙ' ඔය ගොල්ලොත් අපි කරන පින් අනුමෝදන් වෙන්න''''''''''''
මගේ අකුරු ලස්සන ද සාදු

හැබැයි  පොඩි දෙයක් කියන්න ඕන"  ඒ තමයි අපිට ළමා දින"  ගුරු දින"  පිය දින" මව් දින"  ආහාර දින ඕන නැහැ හොද වැඩ කරන්න' ඒක මේ කවදාවත් සිරිත් විරිත් නොතකන සුද්දන්ගෙ තමන්ම රවටාගැනීමේ උපක්‍රමයක් විතරයි තේරුණයි' 

Tuesday, October 5, 2010

ගුරු දිනය


සිප් කිරි පෙවූ ඇදුරන් පුදන වසරකට වරක් උදාවන තවත් එක් ඔක්තෝම්බර් 06 වැනිදාවක් හෙට හිරු නැගෙත්ම උදාවන බවක් යාන්තමට පේනවා'  එතකොටම මට මතක් වෙන්නේ ගිය අවුරුද්දේ අපේ ගෝලයෝ ගුරුවරැ පුදන්න කරපු කියපු දේවල්



2009 මේ විදියට දහම් පාසලේ ‍ශිෂ්‍ය පිරිස ගුරු උපහාර පවත්වද්දි පිරිවෙනේ ශිෂ්‍ය හාමුදුරුවරුත් චාම් සම්භාවනීය පොඩි උත්සවයක් පැවැත් වූවා











2010 ගුරු දිනය අද අපේ ශීෂ්‍ය හාමුදුරුවරු ඉතා ඉහලින්ම සැමරුවා කියලයි මට හිතෙන්නේ අපේ ගුරුවරු ඔක්කෝටම වෙන වෙනම කවි හදලා හරිම ලස්සනයි

Saturday, October 2, 2010

අපේ පන්සලේ පොඩි උන්


වෙලාවකට මේ අය හරිම කරදර කාරයෝ. ඒත් මෙයාලා ගමේ හරි තමතමන්ගේ පන්සල්වලට හරි ගියපු දවසට දැනෙන්නේ උහුලන්න බැරි පාලුවක්....... වෙලාවකට හිතෙනවා මේ අය තමයි පන්සලේ ජීවය කියලා මොකද මේ කට්ටිය නැති දවසට පන්සලේ කිසිම හාවක් හූවක් නැහැනේ.


මෙතන ඉන්නේ පස්දෙනා උනාට තව මේ වයසේම දහයක් විතර ඉන්නවා.  ඒ ඔක්කොගේම වැඩ මේ වගේ තමා..... අපි මේ වගේ වැඩට බය උනාට එයාලා බය නැහැ .........................

Friday, October 1, 2010

ඉපැරණි බෝධිරාජයාණන් වහන්සේ

              අනුරාධපුර යුගයේදී දෙවනපෑතිස් රජ දවස සමසතළිස් ඵලරැහ ජය සිරි මහා බෝධි ශාඛාවක් අප විහාර භූමියේ රෝපණය කරන ලද බව ජනවහරේ ස‍‍‍දහන් වෙනවා'''''''''''''''''''''

              සම්‍යග් දෘෂ්ටික දෙවිදේවතාවන් වැඩසිටින අසිරිමත් ඇසතු වෘක්ෂයක් ලෙස එය පළාතේ හැමගේ ‍වන්දනයට හා පූජාවනට නිතැතින් ලක් වේ'

              1998 වර්ෂයේ දී දායක පිරිස හා හැමදෙනා එකමුතුව බෝධීන් වහන්සේට රන්වැටින් පූජා පැවැත්වූහ'

              එවකට ජනපතිනිය වූ බණ්ඩාරනායක මැතිණිය විසින් එම රන්වැට විවෘත කරන ලදි'