Monday, July 4, 2011

පොසොන් දන්සැල 2011 (දන්දීම යනු සැපයට තවත් නමකි)

කුමුදු මිස් දවසේම වගේ කැරට් කැපුවා... මේ වෙද්දි ඇති වෙලා වගේ......
දන්සැලට වටිනාකම කැරට් 24 න්ම එකතුකලා.........


සමහරු නම් බොරුවට කාලය කෑවා විතරයි..... හැබැයි ඒ අය තමයි පාලුව නැති කළේ.....



කීරි සම්බා බත නම් හරි........... තාම අනික්වා එකතු කරලා නෑ.......




අපේ දන්සලේ කෑම පිගාන තමයි මේ........... මොකද හිතෙන්නේ...?



විවෘත කිරීම අපේ දායක සභාවේ උප සභාපති තුමයි ලේකම් තුමයි අතින් ඒ අයනේ මේ ඉන්නේ....

අනේ ඉතිං අපි කැමති දෙයක්නම් නොවෙයි මෙහෙම පෝලිම් තියන එක ඒත් මොනවා කරන්න ද....... 






දන් දී ලබන සතුට අපි හැමෝම ලැබුවා... හැමෝම කිව්වේ දහම් පාසලේ දරුවො ටික, ගුරුවරු , ආදි ශිෂ්‍යෙයා් ඇතුලු හැම දෙනාම......... තෙරුවන් සරණයි හැම දෙනාටම.....













දන්දීම ඥානවන්තයන්ගේ ඥානවන්ත ක්‍රියාවකි..........................(පොසොන් දන්සැල)

2010 පොසොන් දන්සැල මගේ FB මිතුරෙකු වන තායිවානයේ ධම්මානන්ද හිමියෝ වැඩම කරලා විවෘත කලා.... හැබැයි උන් වහන්සේටවත් මට වත් දන්සැලෙන් කෑම ලැබුණෙ නෑ මොකද පෝය දා හැන්දෑවෙනේ දන්සැල තිබුණෙ.......
ගිය අවුරුද්දේ අපිට ආපු සෙනගට දානය දීගන්න බැරි උනා............ මොනවා කරන්න ද?

Wednesday, December 22, 2010

සිතුල්පව්ව(චිත්තල පබ්බත)


           මම කැමතිම සුන්දරම හා රමණීය සිත නිවන නිදහස ඇති පින් බිම තමයි යාල වනය මැද පිහිටලා තියන සිතුල්පව්ව රජමහා විහාරය....... එහේ ගිය වෙලාවක ගත්ත පින්තූර ටිකක් මම එක් කලා  ලස්සන ද බලන්න......
අපේ නායක හාමුදුරුවෝ වැඩ ඉන්නෙ එහේ.... ගැමුණු කියන ඇතා බොහෝ දවස්වල මහ කැලේ ඉදලා බඩගිනි වෙලා පන්සලට ආවහම නතර වෙන්නෙ මෙතන. ඇයි ද දන්නවද?....... අපේ නායක හාමුදුරුවෝ ඉන්න කාමරය තියෙන්නෙ මෙතන නිසා.... ඌට හොදට කන්න ලැබෙන්නේ මෙතනින්......
අපිත් ගියපු වෙලාවේ අපි ආ බව දැනගන ද කොහේද ගැමුණු ආවා. පොඩි සංග්‍රහයක් අපිත් කලා........
මමත් එක්ක නිශාන් මහත්මායි කසුන් මහත්මායි සුමිත් අයියයි සිතුල්පව් ගියා. අපි කුඩා සිතුල්පව්වට යද්දි අපේ උදව්වට තව කීපදෙනෙකුත් ආවා........
දෙලොස් දහසක් මහ රහතන් වහන්සේ වැඩසිටි ස්ථානයේ ඉතා හොද ගල් කුටි හරියට තියනවා... මේ මම ඉන්නේ ඒදඩු කුටිය ලග. දැනුත් භාවනා කරන යෝගාවචරයන් වහන්සේ කෙනෙක් මෙහි වැඩ ඉන්නවා.... ඒ නිසා අපි කතාබහ නවත්තමු නේද.........
 මේ වගේ අමාරු තැන්වලිනුත් අපි එල්ලි එල්ලි ගොඩවුනා.... පොඩ්ඩක් විතර බයත් හිතුනා.
හැන්දෑවට සත්තු වැව ලගට ආවම බලන්න හදපු අට්ටාලය උඩටත් කොහෝම හරි නැගගත්තා..... එහෙම තැනකට ගිය පලවෙනි දවස ... අපිත් එක්ක ගිය අයගෙන් එතෙන්ට නැග්ගෙ නැත්තේ එක්කෙනයි.. ඒ සුමිත් අයියා විතරයි.
අපි අලිත් දැක්කා හැබැයි බයේ දුර ඉදන් තමයි බැලුවේ........
අපි මංජු අයියගේ හේනටත් ගියා .. අපි කොමඩු ගෙඩි හුගාක් කඩා ගත්තා ඒ විතරක් නෙවෙයි එතනදිම පිපාසය යන්නත් එක්ක කොමඩු කෑවා....


මෙච්චර සමනලයෝ දැකලා තියනවද එකම තැනකදි යාල යන්න ඕන එවා දැකගන්න.....

සමහර වයසට ගිය දිරපු මිනිස්සු තුල අමුතු ලස්සනක් තියවා වගේ මේ ගහත් මටනම් දිරුවත්  ලස්සනයි........
මටත් මේ වගේ ගහකට නම් නගින්න පුලුවන්..................................$
සිතුල්පව්ව පන්සලට ඉන්න කරදර කාරීම පිරිස මේ කට්ටිය තමයි..... මොනම දෙයක්වත් තියාගන්න දෙන්නැහැ......
අපි ගාලු එන අතරේ වැදගත්ම කෙනෙක් හමුවෙන්න ගියා .... එයා හරිම කාර්ය බහුලයි... මොකද අද කාලේ හුගදෙනෙක් යන්නේ එයා ගාවට නිසා . කවුද දන්නවද එයා ?... යම රජ්ජුරුවෝ.... ඉන්නෙනම් ..... දික්වැල්ලේ වැව්රැකන්නල පන්සලේ දකින්න කැමති අය යන්න. හැබැයි ඇත්තටම නම් අපායේ යන්න හිතන්නවත් එපා හොදෙයි.